රටවල් රැසකට බලපාන පරිදි අවහිරතාවට පත්ව තිබූ ෆේස් බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ වට්ස්ඇප් යන සමාජ මාධ්‍ය ජාල යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
මෙම සමාජ වෙබ් අඩවි වෙත ලගා වීමට නොහැකි වීමෙන් ලොවපුරා ගිණුම් හිමියන් රැසක් දුෂ්කරතාවවට පත්ව සිටියා. පැය 12 ක පමණ කාලයක් මෙම බිදවැටීම පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සිය නඩත්තු කටයුතුවලදී උද්ගතවූ ගැටළුවක් හේතුවෙන් මෙලෙස වෙබ් අඩවි බිද වැටෙන බව ෆේස් බුක් සමාගම ප්‍රකාශ කළා.