දුම්රිය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස සාමාන්‍යාධිකාරී නිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රවාහන අමාත්‍යාංශය වෙත කැදවා තිබෙනවා.
දුම්රිය වෘත්තීය සමිති ඊයේ (03) රාත්‍රියේ සිට ආරම්භ කළ දුම්රිය වර්ජනය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි මගී ජනතාව ප්‍රකාශ කළේ.
බීමතින් රාජකාරි සදහා පැමිණි සේවකයකුට එරෙහිව සාමාන්‍යාධිකාරීවරයා ගනු ලැබූ විනය ක්‍රියාමාර්ගය වළක්වාලීමට බලපෑම් සිදුවන බව පවසමිනුයි දුම්රිය වෘත්තීය සමිති වර්ජනය ආරම්භ කර තිබෙන්නේ.
මගීන් දැඩි දුෂ්කරතාවන්ට පත් වූයේ දුම්රිය ස්ථානවලින් කිසිදු දුම්රියක් ධාවනය නොවීම හේතුවෙන්. දුම්රිය ස්ථාන වෙත පැමිණ මගීන්ට ආපසු යාමට සිදු වූ බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
ඒ හේතුවෙන් දුම්රිය ස්ථාන රැසක පාලු ස්වභායක් දැක ගත හැකි වුණා.