fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

212 වන ආදර්ශ ගම්මානයත් ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2019 09:40

212 වන ආදර්ශ ගම්මානයත් ජනතා අයිතියට

212 වන ආදර්ශ ගම්මානය අද (04) ජනතා අයිතියට පත්කෙරෙනවා. හම්බන්තොට සූරියවැව, බැඳිවැව ඉදිකර ඇති එය සඳහසගම ලෙසයි නම්කර තිබෙන්නේ. ගම්මානය නිවාස ඒකක 24කින් සමන්විතයි.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් සඳහසගම ජනතා අයිතියට පත්කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා ප‍්‍රකාශ කළා.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ ඉදිකළ තවත් ආදර්ශ ගම්මාන දෙකක් ලබන සෙනසුරාදා ජනතා අයිතියට පත්කෙරෙනවා. සැමට සෙවණ ආදර්ශ ගම්මාන 2500යේ ව්‍යාපෘතිය මේ වනවිට දිවයින පුරා සාර්ථකව ක‍්‍රියාත්මක බවද සභාපතිවරයා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2019 09:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්