නවසීලන්තය සමඟ තරගය ලකුණු 119කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් එංගලන්තය මුලින්ම පන්දුවට පහරදීමටයි තීරණය කළේ.
ඒ අනූව පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩකයන් නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුළු 08කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 305ක්. ජොනි බෙයාස්ටෝ ලකුණු 106යි. ජේසන් රෝයි ලකුණු 60ක් ලබාගත්තා. ඔයින් මෝර්ගන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 42ක්.
පිළිතුරු ඉණිම වෙනුවෙන් පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයින්ට පන්දුවාර 45කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 186ක් පමණයි. ටොම් ලතම් ලකුණු 57ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී මාර්ක් වුඩ් කඩුළු 03ක් බිඳ හෙළීමටයි සමත් වුණේ. ඊයේ (03) තරගයත් සමඟ ඔස්ටේ්රලියාව, ඉන්දියාව සහ එංගලන්තය ලෝක කුසලාන තරගාවලියේ ලකුණු සටහනෙහි පෙරමුණේ පසුවනවා. තරගාවලියේ පළමු වටයේ තවත් තරග 04ක් පමණයි ඉතිරිව තිබෙන්නේ.
ඇෆ්ගනිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය ලීඩ්ස්හිදී අද(04) පැවැත්වෙනවා. හෙට (05) පැවැත්වෙන්නේ බංග්ලාදේශය සහ පාකිස්ථානය අතර තරගයයි.
ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර තරගය අනිද්දා (06) පස්වරු 03ට ආරම්භ වනවා. තරගාවලියේ අවසාන තරගය පැවැත්වෙන්නේ ඔස්ටේ්රලියාව සහ දකුණු අප්‍රිකාව අතර.