fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මරණ දඩුවම ක‍්‍රියාත්මක කිරිමට එරෙහි රීට් පෙත්සම අදත් විභාග කෙරේ

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2019 09:24

මරණ දඩුවම ක‍්‍රියාත්මක කිරිමට එරෙහි රීට් පෙත්සම අදත් විභාග කෙරේ

බන්ධනාගාර කොමසාරිස්වරයා මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කිරිමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනූ කළ රීට් පෙත්සමේ වැඩිදුර විභාගය අද (04) සිදුකෙරෙනවා.

පෙත්සම විභාග වන්නේ අභියාචනාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ. මාධ්‍යවේදි මලින්ද සෙනෙවිරත්න මහතායි පෙත්සම ගොනුකර තිබෙන්නේ. පෙත්සම මඟින් ජනාධිපතිවරයාගේ තීරණයක් අභියෝගයට ලක්කර ඇති බැවින් අභියාචනාධිකරණයට මෙම පෙත්සම විභාග කිරිමට බලයක් නොමැති බව මුලික විරෝධතා ඉදිරිපත් කරමින් නීතිපතිවරයා පෙන්වා දුන්නා.

එහෙත් පෙත්සම මඟින් ජනාධිපතිවරයාගේ තීරණයක් නොව බන්ධනාගාර කොමසාරිස්වරයා මරණ දණ්ඩනය කි‍්‍රියාත්මක කිරිමට තීරණයක් අභියෝගයට ලක්කරන බවයි පෙත්සම්කරුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ.

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2019 09:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්