පහසුකම් සපිරි පාසල් පද්ධතියක් රටට දයාද කරන ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ඉදිකළ පාසල් ගොඩනැගිලි 250ක් ජාතික අධ්‍යාපන පද්ධතියට එක්කිරිම අද (04) සිදුකෙරෙනවා.
එහි ජාතික උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේදී පැවැත්වෙන බවයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ.
ගොඩනැගිලි 250 ඉදිකිරිම සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 4500ක්. ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථාන 68ක්, පන්ති කාමර ගොඩනැගිලි 52ක්, කණිෂ්ඨ විද්‍යාගාර 22ක්, විදුහල්පති නිල නිවාස 31ක්, ගුරු නිවාස 32ක් තාක්ෂණික ගොඩනැගිලි 34ක් සෞන්දර්ය ඒකකයක් ආපනශලා 09ක් සහ දන්ත ශල්‍යාගාර 03ක් මෙම ගොඩනැගිලි 250ට ඇතුළත්.
ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ වැඩ නිම කිරිමට අපේක්ෂිත සමස්ථ ව්‍යාපෘති සංඛ්‍යාව දහඅට දහසක්. ඉන් ව්‍යාපෘති දෙළොස් දහසක වැඩ මේ වනවිට අවසන් කර තිබෙනවා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන වෙනුවෙන් වෙන්කර ඇති සමස්ථ මුල්‍ය අයෝජනය රුපියල් මිලියන 6500ක්.