fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සතුන්ගේ අසිරිය නම් පරිසර පර්යේෂණ ග්‍රන්ථය අගමැතිට පිළිගැන්වේ

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2019 17:35

සතුන්ගේ අසිරිය නම් පරිසර පර්යේෂණ ග්‍රන්ථය අගමැතිට පිළිගැන්වේ

ඉසුරු අරුණෝද නාකන්දල සිසුවා රචිත හොරගොල්ල ජාතික වනෝද්‍යානය සහ එහි දී අපට හමුවන සතුන්ගේ අසිරිය නම් පරිසර පර්යේෂණ ග්‍රන්ථය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වීම අරලියගහ මන්දිරයේදී සිදු වුණා.

ඇමෙරිකාවේ ගූගල් ආයතනය පවත්වන ලෝකයේ ලාබාලම පරිසර පර්යේෂණ ග්‍රන්ථ කතුවරයා තරගාවලියට ඉසුරු අරුණෝද ඉදිරිපත් කළ මෙම ග්‍රන්ථයට ප්‍රථම ස්ථානය හිමි වුණා. ඔහු ලෝක වාර්තාවක් තැබීමට ද එමගින් සමත් වූ අතර මෙම වසරේ ලොව ලාබාලම පරිසර පර්යේෂණ ග්‍රන්ථ කතුවරයා වන්නේ ඉසුරු අරුණෝද නාකලන්ද ශිෂ්‍යයායි.  ඔහු වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබනවා. ඉසුරු අරුණෝද රචනාකළ හොරගොල්ල ජාතික වනෝද්‍යානය හා එහිදී අපට හමුවන සතුන්ගේ අසිරිය නම් ග්‍රන්ථය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පළිගන්වනු ලැබුවා. වචන 6500 කින් සමන්විත මෙම ග්‍රන්ථය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ඇත්තේ ඉසුරුගේ පියා වන හර්ෂ උදය නාකලන්ද මහතායි. අග්‍රාමාත්‍යවරයා ඉසුරු අරුණෝද සිසුවාගේ දෙමව්පියන් සමග ඔහුගේ අනාගතය හා ඉදිරි පියවර පිළිබදවද අදහස් හුවමාරු කර ගත්තා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2019 17:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්