බස්නාහිර පලාත් දකුණු රථවාහන කොට්ඨාශය නමින් නව රථවාහන කොට්ඨාශයක් පිහිටුවන බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එහි කටයුතු අද සිටම ආරම්භ වන බවයි රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. පවතින මාර්ග තදබදය අවම කරගැනීමයි එහි අරමුණ. ඒ අනුව නුගේගොඩ , දෙහිවල , මහරගම , කොට්ටාව සහ හෝමාගම ඇතුලු ප්‍රදේශවල රථවාහන ගමනා ගමනය විධිමත් කරගැනීම අපේක්ෂාව බවයි පොලීසිය පවසන්නේ.