fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපතිට විදෙස් ගතවීමට අවසර

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2019 15:07

ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපතිට විදෙස් ගතවීමට අවසර

ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතාට දැඩි ඇප කොන්දේසි මත විදෙස් ගතවීමට අද අවසර හිමි වුණා.

කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතායි නියෝගය ලබා දුන්නේ. තායිවානයේ ප‍්‍රසිද්ධ බැංකුවක පරිගණක දත්ත අනවසරයෙන් ලබාගනිමින් රුපියල් ලක්ෂ තුන් දහසක මුදලක් සොරකම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා. ශලීල මුණසිංහ මහතා එහි දෙවන සැකකරු බවයි අප අධිකරණ වාර්තාකරු ප‍්‍රකාශ කළේ. රුපියල් ලක්ෂ සියය බැගින් වු ඇපකර දෙකක් මත සැකකරුගේ විදෙස් ගමන් තහනම ඉවත්කර තිබෙනවා. ඔහු වෙනුවෙන් ඇපවූ ඥාති සොහොයුරු ඇතුලු දෙදෙනාගේ විදෙස් ගමන් ද තහනම් කර ඇති බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2019 15:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්