පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු යන දෙදෙනා ලබන 9 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ.
පාස්කු ඉරිදා දින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු යන අය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබුණා.
ඒ අනුව එම දෙදෙනා ඊයේ (02) අත්අඩංගුවට ගැනුනේ රෝහල් ගතව ප්රතිකාර ලබමින් සිටියදීයි. ඔවුන් අද (03) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුවයි ඔවුන්ට එරෙහි නඩුව අද (03) විභාගයට ගැණුනේ. ඒ අනුව ඔවුන් දෙදෙනා ලබන 9 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.