රුපියල් කෝටි 4 ක් වටිනා මුහුදු කූඩැල්ලන් තොගයක් පුත්තලම රත්මල්යාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ධීවර නිලධාරීන් සමත් වුණා.
රත්මල්යායා ප්‍රදේශයේ අධි ශීතකරන ගබඩාවක තැන්පත්කර තිබියදී මෙම මුහුදු කූඩැල්ලන් තොගය සොයාගනු ලැබුවා. ඒ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරීන්, පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂ කාර්යාල නිලධාරීන් හා එක්ව කළ වැටලීමකදීයි.
එම ගබඩාවේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සොයාගත් මුහුදු කූඩැල්ලන් තොගය කිලෝගෑම් දෙදහසක් බවයි වැටලීම කළ නිලධාරීන් සදහන් කළේ.