fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරය ජනපති අතින් ජන අයිතියට

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2019 11:47

පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරය ජනපති අතින් ජන අයිතියට

පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පත්කෙරුණා.

පොළොන්නරුවේ ඉදිවූ පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විශාලත්වයෙන් දෙවැනි වන්නේ කොළඹ ජාතික කෞතුකාගාරයට පමණයි. එය මෙරට බිහිවූ රාජ්‍ය නායකයකුගේ මැදිහත්වීමෙන් ඉදිකෙරුණු පළමු කෞතුකාගාරය ද වනවා. මෙරට වසර එක් ලක්ෂ පනස් දහසක ශිෂ්ටාචාරයේ බිහිවීම සහ විස්මිත වාරි තාක්ෂණයේ පුනරූපනයන් මේ තුළ දැකගත හැකියි. දේශීය තාක්ෂණය විදහා දක්වන කෞතුක භාණ්ඩ රැස් කිරීම මෙන්ම සංරක්ෂණයද මෙම කෞතුකාගාරය හරහා සිදු වනවා. මහල් තුනකින් සමන්විත මෙහි ස්වයං අධ්‍යයනය  භාෂා තුනෙන්ම සිදු වනවා.

කෞතුකාගාරය සහ පුස්තකාලය ඉදිකිරීමට වැය කළ මුදල රුපියල් මිලියන 900 ක්. සමරු ඵලකය විවෘත කිරීමෙන් අනතුරුව කෞතුකාගාරය නැරඹීමට අවශ්‍ය ප්‍රවේශ පත්‍ර සංකේතාත්මකව මිලදී ගැනීම ජනාධිපතිතුමා අතින් සිදුවුණා. ඉන් අනතුරුවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කෞතාකුගාරය නිරීක්ෂණයට එක්වුණේ. උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක , වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න , උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2019 11:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්