රුසියාවේ සබ්මැරීනයක් ගිනි ගෙන අනතුරට ලක්වීමෙන් නාවිකයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කුඩා වර්ගයේ නාවුක සබ්මැරීනයක් වන මෙය රුසියා මුහුදු තීරයේ පර්යේෂණයක යෙදී සිටි අවස්ථාවකයි ගිනිගෙන තිබෙන්නේ. මෙම නාවුක සබ්මැරීනය න්‍යෂ්ටික කටයුතු සදහා භාවිත කළ කුඩා ප්‍රමාණයේ සබ්මැරීනයක්. අනතුරෙන් ගමන් ගත් නාවුකයින් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ කොපමණ පිරිසක් සබ්මැරීනය තුළ ගමන් කළේද යන්න මෙතෙක් හෙළිකර නැහැ.