ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කරන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ වෙස්ලි විද්‍යාලය සමඟ පැවති තරගය ලකුණු 26ට 21ක් ලෙස ජයග්‍රහණය කිරිමට ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සමත් වුණා.
රත්මලාන ගුවන් හමුදා ක්‍රිඩා පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමා වන විට ගල්කිස්ස විද්‍යා විද්‍යාලය ලකුණු 12ක් ලබා සිටියා. එම අර්ධයේදී වෙස්ලි විද්‍යාලයට ලබා ගත හැකි වුයේ ලකුණු 07ක් පමණයි. තරගයේ දෙවන අර්ධය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තා. තරගය නිමාවන විට ගල්කිස්ස විද්‍යා විද්‍යාලය ලකුණු 26ක් රැස් කරමින් ජය හිමි කර ගත්තා. ඊට උත්සාහක ගෝල දිනුම් 04ක් සහ ප්‍රවර්තන 03ක් ඇතුලත්. ඒ වන විට වෙස්ලි විද්‍යාලය ලබා සිටියේ ලකුණු 21ක් පමණයි.