fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තරය ජයගත් නිර්මාණකරුවන් ජනපතිගේ ඇගැයීමට

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 18:37

ජාත්‍යන්තරය ජයගත් නිර්මාණකරුවන් ජනපතිගේ ඇගැයීමට

ජාත්‍යන්තරය ජය ගත් නිර්මාණකරුවන් ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් වුණා. ඇගයීමේ උත්සවය පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදීයි.

මෙම වසරේ පැවති ජාත්‍යන්තර සිනමා හා රූපවාහිනී සම්මාන උලෙළවලදී විශේෂ සම්මානයට පාත්‍ර වූ සිනමාවේදීන් හා නිර්මාණකරුවන් අගයමින් ඔවුන්ගේ ඉදිරි කලා කටයුතු සඳහා මුදල් ප්‍රදානය සිදුකෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්. ප්‍රංශයේ නීස් සම්මාන උලෙළ , ජපානයේ ඔසාකා ආසියා සිනමා උලෙළ හා මොස්කව් ජාත්‍යන්තර සිනමා සහ රූපවාහිනී සම්මාන උලෙළේදී සම්මාන හිමිකරගත් නිර්මාණවේදීන් මෙහිදී ඇගයීමට ලක් කෙරුණා. ඒ අනුව නීටා ප්‍රනාන්දු , නිල්මිණී සිගේරා , කුමාර කරව්දෙණිය , ශිරාන් රත්නායක , රංග බණ්ඩාරනායක , අතුල පීරිස් හා නිශාධි බණ්ඩාරනායක ඇතුලු කලාකරුවන් ජනාධිපතිතුමා අතින් ඇගයීමට ලක්වුණා.

මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 1965 විද්‍යාර්ථීන්ගේ 50 වන සංවත්සරය සහ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ ප්‍රතිමාව නිරාවරණය සඳහා මුදල් පරිත්‍යාගයක් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදුකෙරුණා. ලෝක ජිම්නාස්ටික් ක්‍රීඩා උලෙළට සහභාගි වීම සඳහා පිටත්ව යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද ජනාධිපතිතුමා මුදල් පරිත්‍යාග කළා. ජාත්‍යන්තර පොලිස් ක්‍රිකට් සැණකෙළියට සහභාගි වන ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායටම ද ජනාධිපතිතුමා අතින් මුදල් පරිත්‍යාගයක් සිදුකෙරුණා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 18:37

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්