රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ තුන්වන වාර්තාව පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
2017 මුදල් වර්ෂය පදනම් කරගනිමින් මෙම වාර්තාව සකස් කර තිබෙනවා.
මෙම රජයේ ගිණුම් පිළිබද කාරක සභා වාර්තාවේ රජයේ විශේෂ වැය කිරීමේ ඒකකය යටතේ ඉහළම කාර්ය සාධනයක් දක්වා ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලයයි. මෙම කාර්යාලයට ලකුණු සියයක් හිමිව තිබෙනවා.
රජයේ අමාත්‍යාංශ යටතේ ඉහළම කාර්ය සාධනයක් දක්වා ඇත්තේ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයයි. මහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව රජයේ දෙපාර්තමේන්තු යටතේ ඉහළම කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/v1IHlr-lM9I”]