මේ වසරේ සංචාරයට සුදුසුම රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් බව ලොව ප්‍රකට Lonely Planet සඟරාව යළි අවධාරණය කරනවා. පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව එම තත්ත්වය හිමි කර ගැනිමට සමත් විම විශේෂත්වයක්.
Lonely Planet සඟරාව සිය නවතම ලිපියේ මේ බව සදහන් කර තිබෙනවා.ලොව විශාලතම සංචාරක මගපෙන්විම් ප්‍රකාශකයා ලෙස හැඳින්වෙන්නේ Lonely Planet සඟරාවයි. පසුගිය වසරේදී Best in Travel 2019 කෘතියට අනුව මේ වසරේ සංචාරයට හොඳම රට ශ්‍රී ලංකාව ලෙස නම් කර තිබුණා. අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සැලකිය යුතු පසුබෑමකට ලක් වුණා. මෙවැනි කනගාටුදායක තත්ත්වයකට මුහුණ දුන්නද මේ වසරේ සංචාරයට හොදම රටවල් අතර මුල් ස්ථානයේ ශ්‍රී ලංකාව පසු වන බවයි Lonely Planet සගරාවේ නවතම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ. මෙම වසරේ සංචාරය සඳහා වන හොදම රටල් 10 අතර දෙවන ස්ථානය ජර්මනියටත්, තුන්න ස්ථානය සිම්බාබ්වය දේශයටත් හිමිව තිබෙනවා. පැනමාව , කිර්ගිස්ථානය , ජෝර්දානය, ඉන්දුනිසියාව , බෙල්රූස් , සාඕටොමේ , ප්‍රින්සිපේ සහ බේලිස් යන රටවල් පිළිවෙලින් සෙසු ස්ථාන බවට පත්ව තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වී මාස 03 ක් ගතවීමටත් පෙර ශ්‍රී ලංකාව ලැබූ මෙම තත්ත්වය විශාල ජයග්‍රහණයක් වනවා. සිද්ධිය පිළිබඳ නිසි විමර්ශන සිදු කිරීම මෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගැනීම ඊට හේතුවයි. එමෙන්ම රජය සංචාරක ක්ෂේත්රයට සහන සැලසීමද මෙවැනි ප්‍රගතියක් අත්කර ගැනීම කෙරෙහි සෘජු ලෙස බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
මේ අතර පසුගිය සති කිහිපය තුළ දිවයිනට පැමිණි සංචාරකයින්ගේ කැපී පෙනෙන වැඩිවීමක් දක්නට ලැබුණා. මේ දිනවල අනුරාධපුරය හා පොළොන්නරුව මෙන්ම සීගිරිය ආදී ඓතිහාසික සිද්ධස්ථාන දැකබලා ගැනීමට සංචාරකයින් වැඩි වශයෙන් එක්ව සිටිනවා. තමන් ඉතා කැමැත්තෙන් ශ්‍රී ලංකාවේ සංචාරයට එක්ව සිටින බවයි එම සංචාරකයින් ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=LhiulL8W3j0&feature=youtu.be&fbclid=IwAR1lg9v4FR2ri7-Gst7lk0P-3LCc8tpbQs-V9AMOvfP24Mo6E7hTBwCb3ro”]