fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බලපත‍්‍ර රහිතව ධාවනය කෙරෙන බස්රථවලට පැනවෙන දඩය රුපියල් ලක්ෂ පහක් දක්වා ඉහලට

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 15:30

බලපත‍්‍ර රහිතව ධාවනය කෙරෙන බස්රථවලට පැනවෙන දඩය රුපියල් ලක්ෂ පහක් දක්වා ඉහලට

බලපත‍්‍ර නොමැතිව ධාවනය කෙරෙන අන්තර් පලාත් මගී ප‍්‍රවාහන බස් රථ සදහා පැනවෙන දඩය ඉහල නංවා තිබෙනවා. දැනට අයතෙරෙන දඩ මුදල වන්නේ රුපියල් දෙලක්ෂ පනස් දහසක්. එය රුපියල් ලක්ෂ පහක් දක්වා ඉහල නැංවීමයි අරමුණ.

ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ මුලිකත්වයෙන් පැවති සාකච්ඡාවකදී හෙළිවූ කරුණු අනුව මෙම තීරණයට එළඹි බවයි ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා ප‍්‍රකාශ කළේ.

අන්තර් පලාත් මාර්ග බලපත‍්‍ර නොමැතිව ධාවනය කෙරෙන බස් රථ 200 ක් පමණ ඇති බවට හදුනාගෙන තිබෙනවා. එය බලපත‍්‍ර සහිතව ධාවනය කරන බස් රථ හිමිකරුවන්ට අසාධාරණයක් බවයි ගමනා ගමන කොමිසම පෙන්වා දෙන්නේ. යාපනය කොළඹ ධාවනය වන බස් රථ වැඩි ප‍්‍රමාණයක් බලපත‍්‍ර නොමැතිව ධාවනය වන බවටයි හදුනාගෙන තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 15:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්