fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පරිභෝජනයට නුසුදුසු ධාන්‍ය කිලෝග‍්‍රෑම් ලක්ෂ අටක් සොයාගැනේ

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 12:42

පරිභෝජනයට නුසුදුසු ධාන්‍ය කිලෝග‍්‍රෑම් ලක්ෂ අටක් සොයාගැනේ

පරිභෝජනයට නුසුදුසු පරිප්පු සහ විවිධ ධාන්‍ය වර්ග කිලෝග‍්‍රෑම් ලක්ෂ අටකට ආසන්න ප‍්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ඒ මාබිම හෙයියන්තුඩුව ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ධාන්‍ය ගබඩාවකින්.

ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී එම තොගය සොයාගැනීමට හැකිවූ බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා ප‍්‍රකාශ කළේ.

එම ධාන්‍ය ගබඩාවෙන් බෙදාහරින ලද ධාන්‍ය සොයා පරික්ෂණ සිදුකරන බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ. මිලදී ගන්නා ධාන්‍යවල ගැටලුවක් පවතින්නේනම් ඒ පිලිබදව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට දැනුම්දෙන ලෙසට ද ඉල්ලීමක් කෙරෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 12:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්