fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාබුල් අගනුවරට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 34 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 10:03

කාබුල් අගනුවරට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 34 දෙනෙකු ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි එරට ආරක්ෂක සැපයුම් මධ්‍යස්ථානයකටයි මෙම ප්‍රහාරය එල්ල වුණේ. ප්‍රහාරයෙන් පාසල් දරුවන් ඇතුළු  පුද්ගලයින් 68 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරයට පෙර වෙඩි තැබීමක්ද සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එරට ආරක්ෂක අංශ සදහන් කරන්නේ වෙඩි හුවමාරුව පැය 08 ක් පමණ පැවති බවයි. ප්‍රහාරයේ වගකීම තලෙයිබාන් සංවිධානය භාරගෙන තිබෙනවා. ආරක්ෂක සැපයුම් මධ්‍යස්ථානය අවට පිහිටි නිවාස සංකීර්ණ විදෙස් කාර්යාල සහ පාසල්වලටද ප්‍රහාරයෙන් දැඩි බලපෑම් එල්ල වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 10:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්