fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තර්ජාතික පරමාණු බලශක්ති ආයතනයෙන් ඉරානයට චෝදනා

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 09:44

අන්තර්ජාතික පරමාණු බලශක්ති ආයතනයෙන් ඉරානයට චෝදනා

ඉරානය කොන්දේසි කඩ කර ඇති බව අන්තර්ජාතික පරමාණු බලශක්ති ආයතනය චෝදනා කළා.

2015 දී ඇති කරගත් ගිවිසුමට අනූව ඔවුන් කටයුතු කර නැහැ. යුරේනියම් බලගැන්විම ඉහළ නැංවීමයි ඊට හේතුව. ප‍්‍රතික‍්‍රියාකාරක ඉන්ධන නිපදවීමේ හැකියාව ඉරානය වේගවත් කර ඇති බවයි බලශක්ති ආයතනය පවසන්නේ. ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වුණා. බි‍්‍රතාන්‍යය සහ ජර්මනිය ද ඉරානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ න්‍යෂ්ටික ක‍්‍රියාකාරකම් අත්හිටුවන ලෙස දැනුම් දෙමින්. ගිවිසුම උල්ලංඝනය කිරීමෙන් කලාපීය වශයෙන් ද ගැටළු මතුව තිබෙනවා. කෙසේ වෙතත් චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවයි ඉරානය පවසන්නේ. සිවිල් අවශශ්‍යතා වෙනුවෙන් න්‍යෂ්ටික බලය ලබාගැනීම සඳහා පමණක් යුරේනියම් බලගන්වන බවයි ඉරාන විදේශ අමාත්‍යංශය සඳහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 09:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්