fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාවට ලකුණු 23ක විශිෂ්ට ජයක්

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 09:43

කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාවට ලකුණු 23ක විශිෂ්ට ජයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ලකුණු 23ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තිස්නව වන තරගය මෙයයි. චෙස්ටර් ලී ස්ට්‍රිට්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකිමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රි ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවි ලකුණු 338ක් රැස් කළා. සිය මංගල එක්දින ශතකය වාර්තා කළ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 104ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරිමට පිටියට පිවිසි බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 315ක් පමණයි. නිකලස් පූරන් ලකුණු 118යි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 09:43

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්