fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාදම්පේ පැරණි නගරයේ ගින්නක් – ලොරි රථයක් සම්පූර්ණයෙන්ම විනාශවෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 09:30

මාදම්පේ පැරණි නගරයේ ගින්නක් – ලොරි රථයක් සම්පූර්ණයෙන්ම විනාශවෙයි

මාදම්පේ පැරණි නගරයේ පිහිටා තිබූ යකඩ එකතු කිරීමේ ස්ථානයක හට ගත් ගින්නකින් එහි තිබූ ලොරි රථයක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණා.

අද අලුයම දෙකට පමණ ගින්න හටගෙන ඇති අතර ගින්න නිවා දැමීමට මාදම්පේ පොලීසිය සහ ප්‍රදේශවාසීන් කටයුතු කළා. එහෙත් අසළ තිබූ ලොරි රථයක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා. තවත් ලොරි රථයකට සුළු හානි සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මාදමේපේ ගිනි නිවන ඒකකය කැදවීමට පොලීසිය උත්සාහ කළද රියදුරෙකු නොමැති බව පවසමින් එම ස්ථානයට පැමිණ නැති බවයි වාර්තා වන්නේ. ඒ සමඟ මාදම්පේ පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ජල බවුසර් ගෙන්වා ගින්න නිවා දැමීමට කටයුතු කළා. ගින්න ඇති වූ ස්ථානය අසළ ගොඩනැගිලි රැසක් පිහිටා තිබුණද ගින්න පැතිරයාම වැළැක්වීමට හැකි වූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 09:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්