ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා. සුළගේ වේගය පැයට කිලෝ මීටර 60 දක්වා ඉහළයාමයි ඊට හේතුව. හම්බන්තොට සිට මඩකලපුව දක්වා සහ මීගමුව සිට මන්නාරම දක්වා මුහුදු කලාපය ද ඊට ඇතුළත් වන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා සඳහන් කළේ.
උතුර, උතුරු මැද පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැයට කිලෝ මීටර 55 දක්වා තද සුළං හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.