fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොංකොං පොලීසියෙන් විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප‍්‍රහාර

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 09:50

හොංකොං පොලීසියෙන් විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප‍්‍රහාර

හොංකොං රාජ්‍යයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අත්පත් කරගෙන සිටි විරෝධතාකරුවන් විසුරුවා හැරීම සදහා පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. ඊයේ සන්ධ්‍යාවේ සිටයි විරෝධතාකරුවන් ගොඩනැගිල්ල අත්පත් කරගෙන සිටින්නේ.

හොංකොං රාජ්‍යය බ්‍රිතාන්‍යයට හිමිවීමේ විසිදෙවන සංවත්සරය යෙදී තිබුණේ ඊයේ දිනයටයි. සති ගණනාවක සිට ආරම්භ වූ විරෝධතා රැල්ල ඊයේ දිනයේදී  උග්‍ර අතට පත් වුණා. ඒ සමඟම විරෝධතාකරුවන් එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අත්පත් කර ගත්තා. මධ්‍යම රාත්‍රිය වන විටත් විරෝධතාකරුවන්ගෙන් පාර්ලිමේන්තුව පිරී  ගොස් තිබුණා. කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව තුළ සිටි පිරිස් විසුරුවා හැරීමට හොංකොං පොලීසියට හැකි වුණා. මේ වන විට එහි ආරක්ෂාව තර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2019 09:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්