ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය නියංගොඩ සමිද්ධි මංගල ස්වාමීන්වහන්සේ වෙත උඩරට අමරපුර මහානිකායේ අභිනව අනුනායක පදවිය පිළිගැන්වුණා. ඊට අදාළ අක්තපත්‍රය පිළිගැන්වූයේ උඩරට අමරපුර මහනිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක පූජ්‍ය යාලගමුවේ ධම්මේස්වර ස්වාමීන්වහන්සේයි.
ශාසනික හා සමාජයීය සේවාවන් රැසක් සිදුකර ඇති පූජ්‍ය නියංගොඩ සමිද්ධි මංගල ස්වාමීන්වහන්සේ මහනුවර දොඩම්වල ශ්‍රී බෝධිමළු විහාරස්ථානය ඇතුලු විහාරස්ථාන 4ක විහාරාධිපති ස්වාමීන්වහන්සේ ලෙස කටයුතු කරනවා. විනයවාදනී කාරක සංඝ සභාවේ සමාන ඡන්දයෙන් උන්වහන්සේ මෙම පදවියට පත් කෙරුණා. එම නිකායේ කාරක සංඝ සභික ස්වාමීන්වහන්සේ ඇතුලු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.