fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යල කන්නයේ සිට වී මිළ ඉහල දැමීමට තීරණය කෙරේ

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2019 16:41

යල කන්නයේ සිට වී මිළ ඉහල දැමීමට තීරණය කෙරේ

මෙවර යල කන්නයේ සිට වී මිළ ඉහල දැමීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය පී හැරිසන් මහතා ප‍්‍රකාශ කළා.

ඒ වෙනුවෙන් තමා කළ යෝජනාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කැමැත්ත පළකල බවයි පී හැරිසන් මහතා සදහන් කළේ. පවතින සහල් මිලට සාපේක්ෂව වී මිළෙහි වැඩිවිමක් සිදුවිය යුතු බව අග‍්‍රාමාත්‍යවරයා ද පිළිගෙන තිබෙනවා.

ඒ අනුව වී මිළ වැඩි කිරිමටයි තීරණය කර තිබෙන්නේ. මේ අතර ප‍්‍රමිතියෙන් යුත් ලොකු ලූණු කිලෝ ග‍්‍රෑම් එකක් සදහා රුපියල් අසුවක සහතික මිළක් ඉදිරියේදි හදුන්වාදිමට ද තීරණය කර ඇති බව පී හැරිසන් මහතා ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2019 16:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්