fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුදල් කොල්ලයකට සම්බන්ධ දෙදෙනෙක් ගිණි අවියක් සමඟ අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2019 16:35

මුදල් කොල්ලයකට සම්බන්ධ දෙදෙනෙක් ගිණි අවියක් සමඟ අත්අඩංගුවට

මුදල් කොල්ලකරුවන් දෙදෙනෙකු අකුරැස්සේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නගරයට ආසන්නයේ පිහිටි මූල්‍ය ආයතනයක රුපියල් ලක්ෂ විසි නවයක මුදලක් පෞද්ගලික බැංකුවක තැන්පත් කිරිමට සූදානම් කර තිබියදි මූල්‍ය ආයතනයට පැමිණි දෙදෙනෙකු මුදල් පැහැරගෙන පලාගොස් තිබෙනවා.

ඒ අතරතුර අකුරැස්ස පොලිසියට ලැබුණු තොරතුරක් මත වහාම කි‍්‍රයාත්මක වූ නිලධාරින් සැකකරුවන් දෙදෙනා මුදල් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසන්නෙ.

ඔවුන් ළඟ තිබී ගල්කටස් වර්ගයේ ගිණි අවියක් ද සොයාගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2019 16:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්