fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමෙන් ගිනි නිවන රථ දෙකක් ජනපතිට භාරදෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2019 15:51

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමෙන් ගිනි නිවන රථ දෙකක් ජනපතිට භාරදෙයි

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 151ක් වටිනා ගිනි නිවන රථ දෙකක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත නිල වශයෙන් භාරදීම අද (01) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ මැදිහත්වීමෙන් මෙකී ගිනි නිවන රථ පරිත්‍යාග ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු අතර, ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමේ එරංගා තිලකරත්න මහත්මිය විසින් ඊට අදාළ ලිපි ලේඛන ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.

මෙම ගිනි නිවන රථ දෙක ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භාවිතය සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා වෙත භාරදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2019 15:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්