හෙට දිනයේදී පූර්ණ සූර්යග්‍රහණයක් බලා ගැනීමට රටවල් කිහිපයකට අවස්ථාව
Related Articles
හෙට දිනයේදී පූර්ණ සූර්යග්‍රහණයක් දැක බලා ගැනීමට රටවල් කිහිපයකට අවස්ථාව උදා වනවා.
වසර 2 කට පසුවයි මෙම පූර්ණ සූර්යග්‍රහණය සිදුවන්නේ. පැසිපික් සාගරය, චිලී රාජ්‍යය සහ ආජන්ටිනාවට මෙම සූර්යග්‍රහණය ඉතා පැහැදිලිව දැක ගත හැකි වනවා. චිලී රාජ්‍යයේ කොකුයිම්බෝ නගරය සූර්යග්‍රහණය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගෙන් පිරී පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා ජනතාවට මෙම සූර්යග්‍රහණය සජීවීව දැක බලා ගැනීමට හැකි වන බව නාසා විද්‍යාඥයන් පවසනවා.