fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඛනිජ තෙල් සේවක වෘත්තිය සමිති කි‍්‍රයාමාර්ගය අත්හැර දැමේ

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2019 15:37

ඛනිජ තෙල් සේවක වෘත්තිය සමිති කි‍්‍රයාමාර්ගය අත්හැර දැමේ

ඛනිජ තෙල් ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව තම වෘත්තීය ක්‍රියාමාර්ගය ලබන සිකුරාදා මධ්‍යම රාත්‍රිය තෙක් අත්හිටුවා තිබෙනවා. ඒ අමාත්‍ය කබීර් හෂීම් මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

කොළඹ වරායේ සිට කොළොන්නාව ඉන්ධන පර්යන්තය දක්වා ඉන්ධන නල මාර්ගය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ඉතිරි වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ඉල්ලමින් ඛණිජ තෙල් ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ අනුව විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීම අත්හිටුවීමට එම වෘත්තීය සමිති එකමුතුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කටයුතු කළා. මේ සම්බන්ධයෙන් අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක් පැවැත්වුණා. ගැටලුව සම්බන්ධයෙන් හෙට රැස්වන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන බවට අමාත්‍යවරයා පොරොන්දු වීමත් සමග වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමටයි ඛණිජ තෙල් ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව කටයුතු කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2019 15:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්