චීන මහජන සමූහාණ්ඩුවේ 70 වන සංවත්සරය සැමරීමට නව ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ඉදිකර තිබෙනවා.
බීජිං ඩැක්සින් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස නම් කර තිබෙන මෙම ගුවන්තොටුපොළ ඉදිකිරීමේ වැඩකටයුතු ඊයේ නිල වශයෙන් අවසන් වුණා. ඉතාමත් අලංකාරවත් ලෙස තරු ලකුණු සහිත මුහුදු මාළුවෙකුගේ හැඩය ගත් මෙම ජාත්‍යන්තර ගුවන්තොටුපොල වර්ග මීටර ලක්ෂ 7 ක පිටවීමේ පර්යන්තයකින් සමන්විතයි. එය පාපන්දු තරග තීර 100ක විශාලත්වයකට සමාන විමද විශේෂත්වයක්.