ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 03ට චෙස්ටර් ලී ස්ට්‍රිට් රිවර්සයිඩ් ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට එක් වන්නේ වෙනස්කම් කිහිපයක්ද සමගිනි. ඒ නුවන් ප්‍රදීප් වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබෙනවා. එමෙන්ම ජෙෆ්රි වැන්ඩසේ සහ ළහිරු තිරිමාන්න ද අද තරගයට ක්‍රීඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ. දෙරට අතර පැවැත්වෙන තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුදානම පිලිබද කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ZJ2tqAz3Oto”]
මේ අතර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ සත්කාරක එංගලන්තය අතර තරගය ඊයේ බර්මින්හැම්හිදි පැවැත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවි ලකුණු 337ක් රැස් කළා.පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ ඉන්දියාවට පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවි ලබා ගත හැකි ලකුණු 306ක් පමණයි. එංගලන්තය ලැබු මෙම තරග ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාවට මෙවර තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනිමේ අවස්ථාව අහිමි වුණා. ඒ ඉදිරි තරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තද මෙතෙක් ලබා ඇති ජයග්‍රහණ ප්‍රමාණයන් අනුව එංගලන්තය ශ්‍රී ලංකායට වඩා ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවීම හේතුවෙන්. මෙම තරගයේදී ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන එක්දින ජාත්‍යන්තර තරග සියයක විනිසුරුවෙකු ලෙස කටයුතු කළ ලොව 17 වන විනිසුරු ලෙස ඉතිහාස ගත වුනා. එක්දින තරග 100කදී විනිසුරු ලෙස කටයුතු කළ දෙවන ශ්‍රී ලාංකිකයා ඔහුයි. මිට පෙර ශ්‍රී ලංකා විනිසුරු අශෝක ද සිල්වා එම කඩඉම පසු කළ තිබුණා.