උසස් පෙළ පන්ති පැවැත්වෙන සෑම පාසලකටම පරිගණක සහ ටැබ් යන්ත්‍ර ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 13 වසරක අනිවාර්ය අධ්‍යාපනය , පුහුණු ගුරුවරුන් බඳවා ගැනීම හා නව විෂයන් හදුන්වාදීම ආදිය තුළින් අධ්‍යාපනයේ පරිවර්ථයක් සිදු කර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ තණමල්විල ජාතික පාසලේ නව තාක්ෂණික විද්‍යා පීඨය සහ පරිපාලන සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය අමතමින්.මේ සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 1200 ක් පමණ වනවා. දෙමහල් ගොඩනැගිලි දෙකකින් එය සමන්විතයි. තාක්ෂණික විද්‍යා පීඨය සියලු පහසුකම්වලින් සමන්විතවයි ඉදිකර ඇත්තේ. එය අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ද ලක් වුණා. එහි අධ්‍යාපනය ලබන දරුවන් සමගද අග්‍රාමාත්‍යවරයා සුහද කතාබහක නිතර වුණා. අනතුරුව පැවති උත්සවය සභාව ඇමතූ අග්‍රාමාත්‍යවරයා නවීන පහසුකම් ලබාදීම තුළින් ග්‍රාමීය පාසල් නාගරික පාසල් මට්ටමට ගෙන ඒමට කටයුතු කරන බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=NwYI0llF22Y&feature=youtu.be&fbclid=IwAR21Amf4x3_Jp7bOxTeR04-cDHnALFLGBaBsiUmu1ATE9Lm3qqgHqSUuj_4″]
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ඇතුළු ජනතා නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.