fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාස්කු ප‍්‍රහාරයෙන් පසු වැඩිම සංචාරකයන් පිරිස අද දිවයිනට

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2019 12:09

පාස්කු ප‍්‍රහාරයෙන් පසු වැඩිම සංචාරකයන් පිරිස අද දිවයිනට

පාස්කු ප‍්‍රහාරයෙන් පසු වැඩිම සංචාරකයන් පිරිස අද (01) දිවයිනට පැමිණ තිබෙනවා. ඒ චීන ජාතිකයන් පිරිසක්. මෙම කණ්ඩායම දින 7 ක කාලයක් මෙරට රැඳීසිටීමටයි නියමිත.

එම කාලසීමාව තුළ දිවයිනේ ප‍්‍රදේශ රැසකට සංචාරයට ඔවුන් සැලසුම් කර තිබෙනවා. පාස්කු ප‍්‍රහාරයෙන් පසු විදේශිකයන්ගේ පැමිණීම අඩුවුණා. එය මේ වනවිට යථා තත්වයට පත්වෙමින් තිබෙන බවයි සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සඳහන් කළේ.

සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය සඳහා තායිලන්තය සමඟ අවබෝධතා ගිවිසුමකට ද මේ වනවිට අත්සන් තබා තිබෙනවා. මෙරට සංචාරකයන්ට තායිලන්තයේ බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගැනීමට පහසුකම් සැලසීම හා තායිලන්ත සංචාරකයන්ට ශ්‍රී‍්‍ර ලංකාවේ ආගමික සිද්ධස්ථාන වැදපුදා ගැනීමට පහසුකම් සැලසීමයි අරමුණ.

ඔස්ටේ‍්‍රලියාවේ සංචාරක නියෝජිත පිරිසක් ද ලබන සෙනසුරාදා දිවයිනට පැමිණෙනවා. ඔවුන් දින 10 ක කාලයක් ශ‍්‍රි ලංකාවේ සංචාරය කරන බවයි සංචාරක ප‍්‍රවර්ධන කාර්යාලය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2019 12:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.31178.06
USA
Pound219.38226.29
UK
Euro195.48202.19
EU
Yen1.591.65
Japan
Yuan25.1126.28
China
Dollar120.42125.45
Australia
CountryCurrencyRate
Dinar467.71
Dinar580.41
Riyal457.99
Riyal48.42
Riyal47.01
Dirham48.00