fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය මර්දනය ගැන කිසිවක් නොකළ අය මරණ දඬුවම ගැන කතා කරනවා – ජනපති පවසයි

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2019 12:41

මත්ද්‍රව්‍ය මර්දනය ගැන කිසිවක් නොකළ අය මරණ දඬුවම ගැන කතා කරනවා –  ජනපති පවසයි

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට විරුද්ධ අය එය මර්දනය සදහා කළ එක දෙයක් හෝ නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ සමාප්ති උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ අදහස් පළකළා.

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ සමාප්ති උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදීයි. පාසල් සිසුන් ත්‍රිවිධ හමුදාව , පොලිසිය මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම සමාප්ති උත්සවය සදහා එක්ව සිටියා.මෙම සමාප්ති උත්සවය නම් කර තිබුණේ මතින් තොර රටක් යන සංකල්පය පෙරදැරිවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැමිණීමෙන් අනතුරුව උත්සව සභාවේ කටයුතු ආරම්භ වුණා. ආරම්භයේ දී මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොරව රට සුරක්ෂිත කර ගැනීමේ අරමුණෙන් මතින් නිදහස් වීමේ ප්‍රතිඥාව ලබා දීම සිදු කෙරුණා. අනතුරුව මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් නිර්මාණය කළ වැඩසටහනක් ප්‍රදර්ශනය කළා.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා පැවසුවේ වසරට මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පනස් දහසකට වැඩි පිරිසක් බන්ධනාගාර ගත වන බවයි. ඉන් වැඩි පිරිසක් කාන්තාවන් බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. වසරටක රටතුළ සංසරණය වන මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 50 ක අධික බවද ජනාධිපතිතුමා සදහන් කළා. මේ තත්ත්වය තුළ රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාසැල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු තරුණ පරපුර  ගොදුරු කර ගනිමින් සිටින බවද ජනාධිපතිතුමා තවදුරටත් සදහන් කළා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,

අනතුරුව මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ජාතික සමීක්ෂණ වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සිදු කළේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන් අබේසිංහ මහතා විසින්.

 

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2019 12:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්