පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේ නිලධාරීන් චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
ක්‍රෙඩිට් කාඩ් පත් මුද්‍රණය කිරීමට යොදා ගන්නා යන්ත්‍රයක්, කාඩ් පත් 05ක් සහ ලැප්ටොප් පරිගණකයක් ඔවුන් සතුව තිබී සොයා ගත්තා. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතයි.