අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කර තිබියදී දුම්රිය වැඩ වර්ජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් කොටුව පොලිසිය නීතිපතිවරයාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එහි වාර්තාව ඉදිරි සති කිහිපයේදී නීතිපතිවරයා වෙත ලබාදීමට නියමිතයි. අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කර තිබියදී දුම්රිය නියමකවරුන්, රියදුරන්, පාලකවරුන්, ස්ථානාධිපතිවරුන් හා අධීක්ෂණ කළමණාකරුවන් පසුගිය සිකුරාදා වැඩ වර්ජනයක් සිදුකළා. ඒ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා කොටුව පොලිසියට පැමිණිලි කර තිබෙනවා. පැමිණිල්ල සළකා බලමින් අදත් වෘත්තිය සමිති කිහිපය නියෝජිතයන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවයි කොටුව පොලිසිය ප්‍රකාශ කළේ.