fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවයින පුරා අඩු ආදායම් ලාභි පවුල් ලක්ෂ හයකට සමෘද්ධි ප්‍රතිලාභ

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2019 18:56

දිවයින පුරා අඩු ආදායම් ලාභි පවුල් ලක්ෂ හයකට සමෘද්ධි ප්‍රතිලාභ

දිවයින පුරා අඩු ආදායම් ලාභි පවුල් ලක්ෂ හයකට සමෘද්ධි ප්‍රතිලාභ හිමිකර දීමේ රජයේ වැඩසටහන යටතේ ප්‍රදේශ කිහිපයකදීම සමෘද්ධි හිමිකම් ලබාදීම සිදු කෙරුණා.

වව්නියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 6300කට සමෘද්ධි සහනාධාර කාඩ්පත් පිරිනැමීම ඊයේ සිදු කෙරුණා. යුද්ධයෙන් විපතට පත්වූ සහ යළි පදිංචි කළ පවුල් සඳහා මෙහිදී ප්‍රමුඛතාව ලබා දී තිබෙනවා. සමෘද්ධි හිමිකම්පත් ප්‍රදානය කිරීම වව්නියාව කෝවිල්පුදුකුලම බැංකු ශාඛාවේදී සිදු කෙරුණා.

දිවුලපිටිය, මරදගහමුල ප්‍රදේශයේ පවුල් 3000කට සමෘද්ධි හිමිකම් ලබා දීමේ වැඩසටහනක් පැවැත්වුණේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි මංචනායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියා.

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධිලාභීන් 1080 දෙනෙකු සඳහා සමෘද්ධි සහනාධාර ලබාදීමේ උත්සවය ඇහැලියගොඩ සමූපකාර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඒ ඇහැලියගොඩ එක්සත් ජාතික පක්ෂ  ප්‍රධාන සංවිධායක සිරිපාල කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්.

 

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2019 18:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්