පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව තුළින් ජනතාවට නිවැරදි තොරතුරු දැනගත හැකි බව රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා. පඩුවස්නුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඒ මහතා මෙම අදහස් පළ කළා.
පඩුවස්නුවර මොරගනේ ප්‍රදේශයේ ඉදිකළ සේවා පියස මධ්‍යස්ථානය විවෘත කිරීම අමාත්‍ය ජේ සී අලවතුවල හා පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරුණා. ග්‍රාම නිලධාරී, සමෘද්ධි, ආර්ථික ඇතුලු රාජ්‍ය නිලධාරී කාර්යාල එකම ස්ථානයක පිහිටුවීම සේවා පියස මධ්‍යස්ථාන තුළින් සිදුකෙරෙනවා. ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයිම අරමුණයි.