උතුරු කොරියාවේ සංචාරය කළ බලයේ සිටින පළමු ඇමෙරිකා ජනාධිපතිවරයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් අද පත්වුණා.
උතුරු සහ දකුණු කොරියා දේශ සීමාව හරහායි උතුරු කොරියාවේ දේශ සීමාවට ඇමෙරිකා ජනාධිපතිවරයා ඇතුළු වුණේ. ඒ උතුරු කොරියා නායක කිම් ජොන් උන් මුණගැසීමෙන් පසුවයි. උතුරු කොරියා සහ ඇමෙරිකා නායකයන් පැයකට වැඩි කාලයක් සාකච්ඡාවල නිරතවූ බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. උතුරු සහ දකුණු කොරියා අතර පිහිටි අධි ආරක්ෂිත අවිහරණ කලාපය තුළදී සාකච්ඡා පැවැත්වුණා. ඉදිරි න්‍යෂ්ඨික සාකච්ඡා සම්බන්ධයෙන් කටයුතු කිරීමට කණ්ඩායම් දෙකක් පත්කිරීමට ද උතුරු කොරියා සහ ඇමෙරිකා නායකයන් එකඟවූ බව සදහන්. පසුගිය පෙබරවාරි මාසයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් උන් මුණගැසුණු අතර උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩපිළිවෙල අවසන් කිරීම සම්බන්ධයෙන් කිසිදු එකඟතාවක් ඇති කර ගැනීමට එහිදී නොහැකි වුණා.