fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් හෙට

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2019 18:17

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් හෙට

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව අද දිනය වෙන්කර තිබුණේ රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා වූ විශේෂ වැඩසටහන් වෙනුවෙනුයි. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙනවා.

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව මතින් නිදහස් රටක් යන තේමාවෙන් ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සංවිධාන කර තිබුණා. බන්ධනාගාර මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ කළ පාගමන බොරැල්ල සර්පන්ටයින් මාර්ගය ඔස්සේ බන්ධනාගාරය වෙත පැමිණියා.

තවද දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සංවිධාන කළ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුව වක්වැල්ල ප්‍රදේශයේදී පැවැත්වුණා. එහි ප්‍රධාන දේශනය පැවැත්වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රූබි රූබන් මහතායි. දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අනුරාධපුර නිවර්තන චේතිය මහා විද්‍යාලයේදී පැවැත්වුණා. මත්ද්‍රව්‍ය නිවාරණය තේමා කර ගනිමින් චිත්‍ර ප්‍රදර්ශනයක් ද මෙහිදී පැවැත්වුණා. උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙම කටයුතු සිදුකෙරුණේ.

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2019 18:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්