බ්‍රිතාන්‍යයේ විශාලතම සංගීත සැණකෙළියක් ලෙස සැලකෙන ග්ලාස්ටන් බරී සංගීත උළෙල අති උත්කර්ෂවත්ව අද දිනයේත් පැවැත්වෙනවා.
සංගීත සැණකෙළියේ අවසන් දිනය අදයි. මෙම වසරේ සංගීත සැණකෙළිය සඳහා ප්‍රේක්ෂකයින් එක්ලක්ෂ තිස්පන්දහසකට වැඩි පිරිසක් සහභාගි වී සිටිනවා. 1970 වසරේ සිට පැවැත්වෙන මෙම සංගීත සැණකෙළිය එංගලන්තයේ ග්ලාස්ටන්බරි හි අක්කර දහස් ගණනක ගොවිපොළකයි පැවැත්වෙන්නේ. බ්‍රිතාන්‍ය ජාතික යුවළකගේ පෞද්ගලික සාදයක් ලෙසින් ඇරඹි මෙම සංගීත සැණකෙළිය අද වන විට විශාල ආදායමක් ලබා තිබෙනවා. සැණකෙළියේ නිර්මාතෘ මයිකල් එවිස් දැනට 83 වන වියෙහි පසුවනවා. ලොව ප්‍රකට ගායක ගායිකාවන් රැසක් අද දිනයේත් ප්‍රසංගයට එක්ව සිටිනවා.