fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාරම්මල ප‍්‍රාදේශීය සභා උප සභාපතිවරයා රක්ෂිත බන්ධනාගාරයට

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2019 14:30

නාරම්මල ප‍්‍රාදේශීය සභා උප සභාපතිවරයා රක්ෂිත බන්ධනාගාරයට

නාරම්මල පොලීසියේ කොස්තාපල්වරයකුට බීමතින් පැමිණ පහරදීමක් සිදු කළේ යැයි කියන නාරම්මල ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා  ලබන 03 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ  කුළියාපිටිය මහේස්ත්‍රාත් කැළුම් හෙට්ටිගමගේ මහතා හමවුට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පහරදීමට ලක් වූ පොලිස් නිලධාරියා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. රථ වාහන අනතුරක් සම්බන්ධයෙන් නිසි ලෙස රාජකාරි නොකල බවට චෝදනා කරමින් පොලිස් ස්ථානය වෙත පැමිණ ඇති උපසභාපතිවරයා එම අවස්ථාවේ සේවයේ යෙදි සිටි පොලිස් කොස්තාපල්වරයාට පහරදීම සිදු කර ඇති බව සඳහන්. එම අවස්ථාවේදීම පොලිස් නිලධාරීන් සභාපතිවරයා අත්අඩංගුවට ගෙන කුලියාපිටිය වැඩබලන ම‍හේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරුණා.  උපසභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥන් සදහන් කර ඇත්තේ පොලීසියේ ප්‍රමාදයක් සම්බන්ධයෙන් විමසීමට ගිය අවස්ථාවේදී අදාළ පොලිස් නිලධාරියා පරුෂ වචනයෙන්  බැනවැදී උපසභාපතිවරයා වෙත පහරදීමක් සිදු කර ඇති බවයි. නීතීඥයන්ගේ කරුණු දැක්වීම සම්බන්ධයෙන් විරෝධය පල කළ පොලීසිය සැකකරුට ඇප ලබාදීමට එරෙහිවුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2019 14:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්