fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්තය සහ ඉන්දියාව අතර තරඟය පස්වරු තුනට

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2019 12:37

එංගලන්තය සහ ඉන්දියාව අතර තරඟය පස්වරු තුනට

ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ එංගලන්තය සහ ඉන්දියාව අතර තරඟය පස්වරු තුනට ආරම්භ කෙරෙනවා. ඒ බර්මින් හැම් හිදී.

එංගලන්ත පිල මෙහෙය වන්නේ ඔයින් මෝගන්. විරාත් කෝලි ඉන්දීය පිල මෙහෙය වනවා. මෙතෙක් පැවැති තරඟ වලින් තරඟ 6 කට කී‍්‍රඩා කළ ඉන්දියාව පහක් ජයග‍්‍රහණය කර ලකුණු 11 ක් ලබා දෙවන ස්ථානයේ පසුවනවා.

තරඟ 7 කට කී‍්‍රඩා කළ එංගලන්තය ඉන් හතරක් ජයග‍්‍රහණය කළා. තරඟ තුනකින් පරාජයට පත්ව තිබෙනවා. ඔවුන්ට හිමිව ඇත්තේ පස්වන ස්ථානයයි.

ඉන්දියාව හමුවේ අද (30) පරාජයට පත්වුව හොත් එංගලන්ත කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට යම් අවිනිශ්චිත තත්වයක් මතුවිය හැකි බවයි විචාරකයන් පෙන්වාදෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2019 12:37

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්