බීඩි කොළ කිලෝග්රෑම් 988 ක් නාවික හමුදාව අත්අඩංගුවට
Related Articles
බීඩි කොළ කිලෝග්රෑම් 988 ක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මන්නාරම නඩුකුඩා ප්රදේශයේ සිදුකළ සෝදිසියකදී. වෙරළේ අත්හැර දමා ගොස් තිබියදී පාර්සල් 20 ක ඇසුරුම් කර තිබූ මෙම බීඩිකොළ තොගය සොයා ගත්තා. ඒවා ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලයට භාරදීමටයි නියමිත. පසුගිය දින කිහිපය පුරා මන්නාරම ප්රදේශයේ සිදු කළ සෝදිසි කිරීම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බීඩිකොළ ප්රමාණය කිලෝග්රෑම් 4500 ක්.