fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධ්‍යාපනයේ පරිගණක යුගය ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2019 11:59

අධ්‍යාපනයේ පරිගණක යුගය ඇරඹෙයි

06 වන ශ්‍රේණියේ සිට සැම දරුවකුටම ටැබ් පරිගනක ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  මහතා පවසනවා. පහල ගිරිභාව මහවිද්‍යාලයේ ගොඩනැගිලි විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ෆින්ලන්තයේ අධ්‍යාපනයට සමාන උසස් තත්ත්වයේ අධ්‍යාපන වැඩපිළිවෙලක් ලංකාව තුළ  ක්‍රියාත්මක කරන බවයි.

රුපියල්  මිලියන 30 කට වැඩි මුදලක් වැය කරමින් ලගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ පහල ගිරිභාව  මහ විද්‍යාලයේ දන්ත සෞඛ්‍ය ඒකකය , ශ්‍රවනාගාරය සහ නව දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පළමු අදියර යටතේ උසස්පෙල සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. එහි දෙවන අදියර යටතේ 06 ශ්‍රේණියේ සිට සෑම දරුවකුටම ටැබ් පරිගණ ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ. මෙම අවස්ථාවට ගල්ගමුව එක්සත් ජාතික පක්ෂ  ප්‍රධාන සංවිධායක මොහාන් පෙරේරා මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2019 11:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්