කිරින්ද යාල මුහුදු තීරයේ පලටුපාන ප්රදේශයේදී මුහුදු රළට හසුවීමෙන් රෝහල්ගත කර සිටි මව ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විනෝද චාරිකාවක් ගොස් සිටියදී කිරින්ද යාල මුහුදු තීරයේ රැල්ල පෑගීමට ගිය එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙසේ මිය ගියේ හැටන් ප්රදේශයේ පදිංචිව සිටි පියා සහ දියණියන් දෙදෙනායි. පියා හතලිස් හැවිරිදි වියේ පසුවූ අතර දියණියන් දෙදෙනා සය හැවිරිදි සහ සිව් හැවිරිදි වියේ පසුවුණා. බරපතල තත්ත්වයේ පසු වූ මව අම්පාර රෝහලේ ප්රතිකාර ලබමින් සිටි ඇය පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. මෙසේ ප්රතිකාර ලබමින් සිටියදීයි ඇය අද උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ.