fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බිලියනයක වන්දියක් ඉල්ලා ඇමති රාජිතගෙන් වෛද්‍ය සංගමයට එන්තරවාසියක්

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2019 12:03

බිලියනයක වන්දියක් ඉල්ලා ඇමති රාජිතගෙන් වෛද්‍ය සංගමයට එන්තරවාසියක්

තම කීර්ති නාමයට සිදු වූ  හානියට වන්දි වශයෙන් රුපියල් බිලියනයක මුදලක් සති තුනක් ඇතුළත ගෙවන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එන්තරවාසියක් යොමු කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශ හේතුවෙන් සමාජයට වැරදි මතයක් ඉදිරිපත් වීම හේතුවෙන් තම කීර්ති නාමයට සිදු වූ හානිය හේතුවෙන් එම මුදල ගෙවන ලෙසයි එන්තරවාසිය හරහා දැනුම් දී ඇත්තේ. 2019 ජුනි 17 වන දින හෝ ඊට ආසන්න දිනයකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් සිදු කළ ඇතැම් ප්‍රකාශ හේතුවෙන් තම කීර්තිනාමයට හානි සිදු වී ඇති බවයි අමාත්‍යවරයා එන්තරවාසියෙන් පෙන්වා දී ඇත්තේ.

1994 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පේරාදෙණිය විශ්විද්‍යාලයේ දන්ත පීඨයේ උපාධිදාරියකු ද වනවා. වසර 25ක කීර්තිමත් දේශපාලන ඉතිහාසයට හානි කිරීම සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රචාරක වැඩපිළිවෙලක් දියත් කර ඇති බවද එන්තරවාසියේ සදහන් වනවා. සති තුනක් තුළ රුපියල් බිලියනයක වන්දි මුදල මෙන්ම තවදුරටත් අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙසත් එම එන්තරවාසිය මඟින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දැනුම් දී තිබෙනවා.

මේ අතර ඊයේ පයාගල ප්‍රදේශයේ පැවති උත්සවයකදී කළුතර ප්‍රදේශයේ දී පොලීසිය විසින් සොයා ගත් හොර අරක්කු නිෂ්පදනාගාරය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා අදහස් පල කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2019 12:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්