දිස්ති‍්‍රක්ක කිහිපයකට අද දැඩි උණුසුම් කාලගුණ තත්වයක් පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ති‍්‍රක්කවල ඇතැම් ස්ථාන වලට දැනෙන උණුසුම වැඩි අවධානයක් යොමුකළ යුතු මට්ටමක පවතින බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. එබැවින් එළිමහනේ අධික වෙභෙසකාරී කටයුතු සීමා කර හැකි සෑම අවස්ථාවකම සෙවණ සහිත ස්ථානවල රැඳීසිටින ලෙස ද ජනතාවට දැනුම් දෙනවා. ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම ඉතා වැදගත් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.